කැළණිතිස්ස බලාගාරය යළිත් ජාතික විදුලිබල පද්ධතියට
තාක්ෂණික දෝෂයක් මත අක්‍රීයව තිබූ කැළණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය, මේ වනවිට යථා තත්ත්වයට පත්කර පරීක්ෂණ මට්ටමේ පවතින අතර අප්‍රේල් 04 දින නැවතත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත බවත්, ලංකා විදුලිබල මණ්ඩල සභාපති විජිත හේරත් මහතා පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ පූර්ණ හිමිකාරීත්වයෙන් යුත් මෙම විදුලි බලාගාරය 2003 වසරේදී විදුලි උත්පාදනය ආරම්භ කළ අතර මෙගාවොට් 165 ධාරිතාවයකින් සමන්විත වනවා.
මේ වනවිට පරීක්ෂණ තත්ත්වයේ පවතින කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය, නැවතත් එළඹෙන අප්‍රේල් මස 04 දින ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව පවසන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, කැළණිතිස්ස බලාගාරය තුළ යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇතැයි යන ප්‍රචාරය පිළිබදව සොයා බැලීමට ආචාර්ය බී. විජේරත්න, ලීලානන්ද රාජපක්ෂ, ලීලානන්ද සමරනායක සහ නලින්ද ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත සිව් පුද්ගල කමිටුවක් පත්කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කරනවා