Kharkiv හෝටලයට එල්ලවූ ප්‍රහාරයෙන් බිළිඳෙකු මරුට

Kharkiv හෝටලයට එල්ලවූ ප්‍රහාරයෙන් බිළිඳෙකු මරුට

ඊසානදිග යුක්‍රේනයේ හෝටලයකට රුසියානු මිසයිල ප්‍රහාරයකින් මාස දෙකක බිළිඳෙකු මියගොස් ඔහුගේ මව තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Zolochiv ගම්මානයේ තෙමහල් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තිබී බිළිඳාගේ සිරුර සොයාගත් බවයි Kharkiv ප්‍රදේශයේ නිලධාරියෙකු වන Oleh Synehubov මහතා කියා සිටියේ.

එමෙන්ම රුසියාව එල්ල කළ S-300 මිසයිල ප්‍රහාරයෙන් තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් .

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2023 අවසානයේ සිට Kharkiv කලාපයට එල්ල වන රුසියානු ප්‍රහාර තීව්‍ර වී ඇති බවයි.

Share This