LPL තරගාවලියේ – අදත් තරග දෙකක්

LPL තරගාවලියේ – අදත් තරග දෙකක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද(31) පැවැත්වෙනවා.

ඒ අනුව පළමු තරගය පස්වරු 03.30ට ආරම්භ වීමට නියමිතව ඇති අතර එය පැවැත්වෙන්නේ Galle Titans සහ Dabulla Aura කණ්ඩායම් දෙක අතරයි.

එසේම පස්වරු 07.30ට දෙවන තරගය ආරම්භ වනවා.

ඒ B – LOVE Kandy සහ Colombo Strikers කණ්ඩායම් දෙක අතරයි.

එසේම සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

මේ අතර ඊයේ ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති පළමු තරගයේ ජය වාර්තා කළේ ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායම දිනා ගත් අතර ඔවුන්ගේ ආරාධනයට අනුව Lyca’s Jaffna Kings කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 173ක් ලබා ගත් අතර ඒ අනුව Colombo Strikers කණ්ඩායමට ලකුණු 174ක ඉලක්කයක් හිමි වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Strikers කණ්ඩායමට, Lyca’s Jaffna Kings කණ්ඩායමේ තියුණු පන්දු යැවීම සහ රැකීම අනුව සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 152ක් පමණයි.

ඒ පන්දු වාර 19යි පන්දු 04ක් අවසානයේදියි.

ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම ඒ අනුව පළමු තරගයේ ජය වාර්තා කළා.

තරගයේ වීරයා Lyca’s Jaffna Kings කණ්ඩායමේ වියස්කාන්ත් විජේකාන්ත්.

ඔහු පන්දු යැවීමේ දී ලකුණු 17කට කඩුලු 02ක් බිඳහෙලුවා.

Share This