LPL තරගාවලියේ අද පැවැත්වෙන තරග

LPL තරගාවලියේ අද පැවැත්වෙන තරග

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද (05) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු තරගය Colombo Strikers සහ Dambulla Aura කණ්ඩායම් අතර පැවැත්වෙන අතර එය පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම අද පස්වරු 07.30ට ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඊයේ Galle Titans කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව LPL ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායමයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

මීට අමතරව සති අන්තයේ තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.

Share This