LPL නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය SBC නාලිකාවට සහ ගුවන් විදුලි විකාශන අයිතිය තමිල් FM නාලිකාවට

LPL නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය SBC නාලිකාවට සහ ගුවන් විදුලි විකාශන අයිතිය තමිල් FM නාලිකාවට

මෙරට උත්කර්ෂවත් ක්‍රිකට් සැණකෙලිය වන LPL ක්‍රිකට් තරගාවලියේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය SBC නාලිකාව විසින් හිමි කර ගෙන තිබෙනවා.

එමෙන්ම එහි නිල ගුවන් විදුලි විකාශන අයිතිය හිමිකර ගෙන ඇත්තේ තමිල් එෆ්.එම් නාලිකාවයි

ඒ අනුව මෙවර LPL ක්‍රිකට් තරගාවලිය නැරඹීමට SBC නාලිකාවෙන් අවස්ථාව හිමි වන්නේ කොළඹින් UHF 29, දෙණියායෙන්, මඩොල්සිම, මාතලේ UHF 56, නුවරඑළිය සහ හන්තාන UHF 60, යාපනය UHF 42 ඔස්සේ සුසුර කර ගැනීමෙනුයි

මීට අමතරව නිල ගුවන් විදුලි නාලිකාව වන තමිල් එෆ්.එම් තුළින් FM 99.5 සහ FM 99.7 හරහා සියලු තරගවල තොරතුරු ශ්‍රවනය කිරීමට හැකියාව පවතිනවා

LPL තරගාවලියේ සිව්වන අදියර ලබන 30 වැනිදා සිට අගෝස්තු මස 20 දක්වා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා ද කණ්ඩායම් 5ක් එක්ව සිටින අතර නිමාවූ අදියර ත්‍රිත්වයේම රන් කිරුළු පැළදුවේ ලයිකා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි

Share This