Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 189 ක ඉලක්කයක්

Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 189 ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (17) පැවැත්වෙන අවසන් වටයේ (Eliminator) දෙවන තරගයේ පළමුව පන්දුවට පහර දුන් B-Love Kandy කණ්ඩායම ලකුණු 188 ක් ලබා ගත්තා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 දැවී යාමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය Lyca’s Jaffna Kings කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් පන්දු රැකීමටයි තීරණය කළේ

ඒ අනුව ඔවුන්ට ලකුණු 189 ක ඉලක්කයක් හිමිවනු ඇති.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම සියලු තරග ස්වර්ණවාහිනී නාලිකාව සහ SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This