Maui ප්‍රාන්තයේ ලැව්ගිනි නිසා මරණ 96ක් වාර්තා වෙයි – මරණ තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

Maui ප්‍රාන්තයේ ලැව්ගිනි නිසා මරණ 96ක් වාර්තා වෙයි – මරණ තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

Maui ප්‍රාන්තයේ හි ඇති ලැව්ගිනි හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහළ ගොස් ඇති අතර එය තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

හවායි හි එක්සත් ජනපද සෙනෙට් සභික Mazie Hirono CNN පුවත් සේවය වෙත පවසා ඇත්තේ , හදිසි ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවයි

දිවයින පුරා සන්නිවේදනය අඩාල වී ඇති අතර Maui හි පාසැල් අද නැවත විවෘත වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

සිසුන් බදාදා දිනයේ සිට පාසැල් වෙත ආපසු පැමිණෙනු ඇති බවත් ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවරෙන් පියවර පාසල් නැවත විවෘත කරන බවත් සඳහන්

පාසල් වැසීමෙන් බලපෑමට ලක් වූ සේවකයින්ට ඔවුන්ගේ රැකියා ආරක්ෂිත බවත් පරිපාලන නිවාඩු මත ඔවුන්ට දිගටම වැටුප් ගෙවන බවත් ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා තිබෙනවා

ප්‍රථමයෙන් වාර්තා වූ ලහයිනා හි ගින්න මේ වනවිට 85% ක් පමණ පාලනය කර ඇති බවද වාර්තා වනවා

Share This