Messi නිසා ජයගත් Inter Miami

Messi නිසා ජයගත් Inter Miami

Inter Miami කණ්ඩායම සමග එක්වු පසු පැවති ප්‍රථම තරගයෙන් ජය හිමි කරගැනීමට Messi සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Lionel Messi මේජර් ලීග් පාපන්දු කණ්ඩායමක් වන Inter Miami සමග පසුගියදා ඔහුගේ දිගුකාලීන ගමන ආරම්භය සිදු කළේ ලොව ප්‍රමුඛතම ක්‍රීඩකයාට පමණක් ලබාගත හැකි අවස්ථාවක් ලෙස ලොව පුර සිටින පාපන්දු ලෝලීන් මවිතයට පත් කරමින්.

මෙක්සිකානු කණ්ඩායමක් වන Cruz Azul සමඟ පැවති ලීග් කුසලාන තරඟයට ක්‍රීඩා කරමින්, Messi දෙවන අර්ධයේ අවසන් මොහොතේ තරඟය ජයග්‍රාහී ගෝලය ලබා ගත් අතර, 2-1 ලෙස Inter Miami කණ්ඩායම ජයග්‍රහණය හිමි කරගැනීමට සමත් වුණා.

Messi ලබාගත් ජයග්‍රහණය විග්‍රහ කරමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Messi තුන් වතාවක් පමණක් Miami කණ්ඩායම සමග පුහුණුවීම් කර ඇති අතර ඒ හේතුවෙන් මේ ජයග්‍රණය ඉතා සුවිශේෂී එකක් වන බවයි.

Share This