Michaung සුළි කුණාටුවෙන් දැඩි හානි – තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවල ජනතාව ආරක්ෂිත ස්ථානවලට

Michaung සුළි කුණාටුවෙන් දැඩි හානි – තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවල ජනතාව ආරක්ෂිත ස්ථානවලට

Michaung සුළි කුණාටුව හේතුවෙන් පවතින අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා .

ඉන්දියාවේ දකුණු වෙරළ තීරයට කුණාටුව මේ වනවිට ළඟා වී ඇති අතර තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවල පහත් බිම්වල වෙසෙන දහස් සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

චෙන්නායි නගරයේ බොහෝ ජනාකීර්ණ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර, මෝටර් රථ ගසාගෙන ගොස් ගස් කඩා වැටී ඇති බවද සඳහන්

ඉන්දියාවේ කාර්යබහුලම ගුවන් තොටුපළක් වන චෙන්නායි ගුවන් තොටුපළද වසා දමා තිබෙනවා

චෙන්නායි පොලිසිය පැවසුවේ පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇති බවයි

එමෙන්ම වර්ෂාව හේතුවෙන් චෙංගල්පත්තු නගරයේ තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා .

කාලගුණ විද්‍යා නිලධාරීන් තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවලට රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා .

ප්‍රාන්තයේ වෙරළබඩ දිස්ත්‍රික්කවලින් පුද්ගලයින් 7,000 කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති අතර සුළි කුණාටුවේ ගමන් මාර්ගය සහ ප්‍රචණ්ඩත්වය අනුව අමතර 21,000 ක් ඉවත් කිරීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

 

Share This