mpox සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් සැලැස්මක්

mpox සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් සැලැස්මක්

ගුවන් තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි mpox (මන්කිපොක්ස්) රෝගීන් හඳුනා ගැනීමට රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආවේක්ෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා

ඒ අනුව රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ, බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර තිබෙන බවත්, කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව mpox රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් ද පවතින බවත් ඔහු පැවසුවා

එමෙන්ම, පසුගිය 20 දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විද්වත් කමිටු රැස්වීමේ දී මෙම රෝගයට වඩාත් හොදින් සුදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මග පෙන්වීම ද ලබාදුන් බවත්, මේ හා සම්බන්ධ උපදෙස් ඇතුළත් චක්‍ර ලේඛයක් ද සියලුම සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබා දීමට කටයුතු කළ බවත් ඔහු කියා සිටියා

mpox රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ උණ, සමෙහි බිබිලි මතු වීම සහ වසා ගැටිති ඉදිමීම බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වැඩිදුරටත් එහිදී පෙන්වා දුන්නා

Share This