සංචාරක කර්මාන්තය පිළිබඳ සාකච්ඡාවක් එංගලන්තයේ දි

සංචාරක කර්මාන්තය පිළිබඳ සාකච්ඡාවක් එංගලන්තයේ දි

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා   එක්සත් රාජධානියේ  පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ගොස් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත්තේ තමන්ගේ පුද්ගලික වියදමින් ගිය සංචාරයක දී මෙලෙස සංචාරක කර්මාන්තය  සම්බන්ධයෙනුත් සාකච්ඡාවට එක්වූ බවයි.

එම සටහන පහතින් දැක්වෙනවා

‘  ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය හා විශේෂයෙන් සංචාරක කර්මාන්තයේ වර්තමාන‍ය පිළිබඳවත්, ඉදිරියේදී සංචාරකයන් බහුලව දිවයිනට පැමිණෙන කාලවල දී ඔවුන් වෙනුවෙන් ඉටු කළ යුතු දෑ පිළිබඳවත් සාකච්ඡා කළා.

එමෙන්ම ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරන ලොව ප්‍රචලිත ආයතනවල ප්‍රධානීන් සමග ද සාකච්ඡා කරන්නට හැකි වුණා. පුද්ගලික සංචාරයක් අතරතුර දී වුවද, මෙවන් අය මුණගැසී සාකච්ඡා කරන්නට හැකි වීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමනට පිටුවහලක් වනු ඇතැයි සිතමි.’

 

 

Share This