OceanGate සමාගම ලබන වසරේ ටයිටැනික් සංචාරයත් ප්‍රචාරය කරයි

OceanGate සමාගම ලබන වසරේ ටයිටැනික් සංචාරයත් ප්‍රචාරය කරයි

ටයිටන් ඛේදවාචකයෙන් පසු දින 10කට ආසන්න කාලයක් පමණ ගත වී තිබියදී එම ගමන මෙහෙයවූ OceanGate සමාගම තවමත් ටයිටැනික් සුන්බුන් නැරඹීමට දැන්වීම් පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

OceanGate සමාගම ලබන වසරේ ජුනි 12 සිට ජූනි 20 දක්වා සහ ජුනි 21 සිට ජුනි 29 දක්වා ඇමෙරිකානු ඩොලර් 250,000ක මිලකට ටයිටැනික් වෙත සංචාර දෙකක් සැලසුම් කරමින් සිටිනවා.

සංචාරකයෙකු ලබා ගන්නා පැකේජයක් මගින් කිමිදීම් කට්ටල, පුද්ගලික නවාතැන්, අවශ්‍ය සියලුම පුහුණු කිරීම්, ගවේෂණ උපකරණ සහ යානයේ සිටින විට සියලුම ආහාර සඳහා වන පිරිවැය ආවරණය කරන බවයි සඳහන් වන්නේ.

Independent පුවත්පතට අනුව, අතුරුදහන් වූ සබ්මැරීනයේ සෙවීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බැවින් සමාගම උප නියමු තනතුරක් සඳහා රැකියාවක් පළ කිරීමක් සිය වෙබ් අඩවියේ ප්‍රචාරය කර තිබූ අතර සමාගම දැඩි ලෙස විවේචනයට ලක්වීමෙන් පසු එම දැන්වීමද ඉවත් කර තිබෙනවා.

Share This