
ODI තුන්ඉරියව් ක්‍රීඩකයන්ගේ පෙරමුණ ගත් මොහොමඩ් නබී
ICC නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයන්ගේ පළමු ස්ථානයට පැමිණීමට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහොමඩ් නබී සමත් වී තිබෙනවා.
ඒ අනුව මෙතෙක් එහි පළමු ස්ථානයේ රැඳී සිටි බංග්ලාදේශ තුන්ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් දෙවැනි ස්ථානයට පත්ව ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයේ දී මොහොමඩ් නබී රැස් කළ වාර්තාගත ඉනිමත් සමඟ ඔහු මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණ තිබෙනවා.
එහිදී ඔහු ලකුණු 136ක් රැස් කළ අතර අස්මතුල්ලා ඔමාසායි සමඟ වාර්තාගත සබඳතාවක් ද ගොඩනැඟුවා.
