Online ක්‍රමයට විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචිය ඇරඹේ

Online ක්‍රමයට විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචිය ඇරඹේ

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත Online ක්‍රමයට විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීම අද (09) සිට ආරම්භ වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව සඳහන් කළේ https://www.ugc.ac.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත හැකි බවයි.

එමෙන්ම ලබන 30වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ලියාපදිංචී වීම සිදු කිරීමට හැකියාව පවතින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත පිරිස 43,300කි.

ඒ අනුව සිසුන් 177,588ක් විශ්ව විද්‍යාලය සදහා ඇතුළත් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ඇති බවත්, විශ්වවිද්‍යාල වරම් හිමි නොවන ඉතිරි සිසුන් 132,000ට රජයේ සහ පෞද්ගලික අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට යොමු වීමේ අවස්ථාව හිමිව ඇති බවත් වැඩිදුරටත් සඳහන්.

Share This