දුම්රිය ස්ථාන සහ ඓතිහාසික බලකොටු සංවර්ධනයට පියවර

දුම්රිය ස්ථාන සහ ඓතිහාසික බලකොටු සංවර්ධනයට පියවර

හඳුනාගත් දුම්රිය ස්ථාන සහ ඓතිහාසික බලකොටු සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා

මේ වසරේ ඒ සඳහා රුපියල් මිලියන 162ක් වෙන් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා

ඒ අනුව බණ්ඩාරවෙල හා නානුඔය දුම්රිය ස්ථානත් මන්නාරම, කල්පිටිය හා මඩකලපුව යන ඓතිහාසික බලකොටුත් සංවර්ධනය කෙරෙන බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ

සංචාරක අමාත්‍යංශය මඟින් මේ වනවිට දුම්රිය ස්ථාන 07ක් සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කර තිබෙන අතර කළුතර, උණවටුන, බෙන්තොට, මහනුවර සහ මීගමුව මෙලෙස සංවර්ධනය කෙරෙනු ඇති

මේ වසරේ බණ්ඩාරවෙල සහ නානුඔය දුම්රිය ස්ථාන සංවර්ධනය කෙරෙන අතර දුම්රිය දෙපාර්තුමේන්තුව සමග එක්ව සංචාරක ආකර්ෂණීය දුම්රිය ස්ථානයක් ලෙස එය සිදුකිරීමට නියමිතයි.

දුම්රිය ස්ථාන ඉදිරිපස අලංකරණය, විවේක කාමර අලංකරණය, සංචාරක පහසුකම් මධ්‍යස්ථාන ඉදිකිරීම, නවීන ආසන පහසුකම් සැපයීම සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම මේ යටතේ සිදුකෙරෙන බව ඇමතිවරයා සඳහන් කරනවා

දුම්රිය ස්ථාන සංවර්ධනය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 62ක් .

මීට අමතරව මේ වසර තුල මන්නාරම, කල්පිටිය හා මඩකලපුව ඓතිහාසික බලකොටු ප්‍රතිසංස්කරණය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 100ක් .

මන්නාරම සහ මඩකලපුව පෘතුගීසි බලකොටු 1560 දී සහ 1628 දී ඉදිකර ඇති අතර කල්පිටිය ලන්දේසී බලකොටුව ඉදි කර ඇත්තේ 1667දීයි.

මෙම බලකොටු වල ඓතිහාසික බව සුරක්ෂිත වන පරිදි අදාල ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා .

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු වලදී පුරාවිද්‍යාත්මක දෙපාර්තුමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ද සහය ලබා ගැනෙනවා

Share This