විෂ ඇති බවට සැකකරන  ‘පොල් තෙල් බවුසර් සමග ඇල්ලූ සැකකරුවන්ව’ මුදා හැරලා !

විෂ ඇති බවට සැකකරන ‘පොල් තෙල් බවුසර් සමග ඇල්ලූ සැකකරුවන්ව’ මුදා හැරලා !

විෂ ඇති බවට සැකකරන පොල් තෙල් ලීටර් 27,500 ක් අඩංගු බව්සර් දෙකක් සමගින් අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනාව ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව මුදාහැර තිබෙනවා.

දංකොටුව පොලීසියේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (29 ) රාත්‍රී සිදු කර තිබෙනවා.

රාගම පිහිටි ගබඩාවකින් පසුගිය 25 වැනිදා මෙම පොල් තෙල් තොගය රැගෙන ආ බව සැකකරුවන් පවසා තිබුණා.

බවුසර්වල ඇති තෙල් සාම්පල ලබා ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව දංකොටුව පොලීසිය සඳහන් කළා.

Share This