
T20 තරගාවලියේ ජය ශ්රී ලංකාවට
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි අවසන් විස්සයි විස්ස ක්රිකට් තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා .
ඒ, පන්දුවාර 10යි පන්දු 5ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 88ක් රැස් කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ ලකුණු 82ක් රැස් කළා.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 39ක් සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වුණා .
කුසල් මෙන්ඩිස් ලකුණු 33යි.
ඒ අනුව දෙරට අතර පැවති විස්සයි විස්ස තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ වීරයා සම්මානය වනිඳු හසරංගටත්, තරගාවලියේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස්ටත් හිමි වුණා.
තරගයේ ලකුණු සටහන පහතින්…..


