Taylor Swiftගේ  ට්‍රක් රථ රියදුරන්ට ඩොලර් 100,000ක් බෝනස්

Taylor Swiftගේ ට්‍රක් රථ රියදුරන්ට ඩොලර් 100,000ක් බෝනස්

Taylor Swiftගේ අති සාර්ථක Eras සංචාරය අවසන් වු පසු ඇය සමග සංචාරයේ යෙදුණු ට්‍රක් රථ රියදුරන්ට අධික ප්‍රසාද දීමනාවක් ලබාදී තිබෙනවා.

සෑම ට්‍රක් රථ රියදුරෙකුටම ඩොලර් 100,000 ක චෙක්පතක් ලබා දීමෙන් Taylor සංචාරයේ ට්‍රක් රථ කාර්ය මණ්ඩලය මවිතයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ ප්‍රසාද දීමනාව සම්මත ප්‍රසාද දීමනාව ඉක්මවා යන අතර සාමාන්‍ය මුදල ඩොලර් 5,000 සිට ඩොලර් 10,000 බැගින් වන බවත් එබැවින් මෙම විශාල මුදල ඇදහිය නොහැකි මුදලක් බවත් එම ට්‍රක් රථ රියදුරන් පවසා තිබෙනවා.

ට්‍රක් රථ රියදුරන්ට අමතරව ඇයගේ අනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයන් වන , ආහාර සැපයීම, වීඩියෝ, ශ්‍රව්‍ය සහ ආලෝකකරණය ඇතුළු අනෙකුත් සංචාරක කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ද මෙම ප්‍රසාද දීමනා ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. .

මෙම සිදුවීම Taylor Swiftගේ Eras සංචාරයේ සාර්ථකත්වය හා ඇයගේ ත්‍යාගශිලිත්වය මනාවට පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This