The Substance චිත්‍රපටයේ රංගනයට Demi Mooreට ප්‍රශංසා

The Substance චිත්‍රපටයේ රංගනයට Demi Mooreට ප්‍රශංසා

රංගන ශිල්පිනී Demi Mooreගේ “The Substance” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය විචාරක පැසසුම් ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Cannes චිත්‍රපට උළෙලේ පැවති මාධ්‍ය හමුවකදී, 61 හැවිරිදි Moore මෙම චිත්‍රපටයයේ ඇයගේ චරිතය ගැන සාකච්ඡා කර තිබෙනවා.

එම මාධ්‍ය සාකච්ඡාවට Costar Dennis Quaid සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂක Coralie Fargeat එක්ව සිටි බව සඳහන්.

එම මාධ්‍ය සාකච්ඡාවේදී වයස අවුරුදු 40න පසු හොලිවුඩ් නිළියන්ගේ තත්ත්වය බාල වී යාම ගැනද ඇයගෙන් ප්‍රශ්න කර ඇති අතර ඒ සම්බන්ධයෙන් Demi Moore ප්‍රකාශ කර ඇත්තේ එවැනි දෑ පිළිබඳව ඇය අවධානය යොමු නොකරන බවත් ඒවා ගැන විශ්වාස නොකරන බවත්ය.

Share This