Tik Tok තහනම් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

Tik Tok තහනම් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

TikTok ජංගම දුරකථන යෙදවුම රට තුළ තහනම් කරන ලෙස ඉල්ලා කෙන්යාවේ පාර්ලිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරු එම පෙත්සම මගින් පාර්ලිමේන්තුවට පෙන්වා දෙන්නේ රටේ සංස්කෘතිය විනාශවීමට සහ සදාචාරය නැති කිරීමට TikTok ප්‍රධාන දායකත්වයක් සපයන බවයි.

TikTok යෙදවුම රටේ තරුණ ප්‍රජාව අතර සීග්‍රයෙන් ජනප්‍රිය වෙම්න් ඇති බවත්, එහි සංසරණය වන අන්තර්ගතයන් සමාජයට නොගැළපෙන බවත් පෙත්සම්කරු පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රටේ දරුවන්ගේ පෞද්ගලිකත්වයට පවා TikTok යෙදවුම හරහා බලපෑම් එල්ල වී ඇති බව පෙත්සමෙන් පෙන්වා දී ඇතැයි සඳහන්.

එබැවින් එය තහනම් කිරීම සඳහා පාර්ලිමේන්තුව කඩිනම් පියවර ගත යුතු බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

එසේ නොවුනහොත් TikTok යෙදවුම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ද ඉන් බලපෑම් එල්ල වනු ඇති බවත් මානසික ආතතිය වැනි රෝග සඳහා ද ඉන් මග පෑදෙනු ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This