Toshakhana නඩුවට අදාළව ඉම්රාන් ඛාන්ගේ තෙවසරක සිර දඬුවම අත්හිටුවයි

Toshakhana නඩුවට අදාළව ඉම්රාන් ඛාන්ගේ තෙවසරක සිර දඬුවම අත්හිටුවයි

Toshakhana දූෂණ නඩුවේ ඉම්රාන් ඛාන්ගේ තෙවසරක සිර දඬුවම පාකිස්ථානයේ මහාධිකරණයක් විසින් අත්හිටුවා ඔහු සිරෙන් නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා

නමුත් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට පවතින තවත් නඩුවක් හේතුවෙන් දිගටම සිරගතව සිටිමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඉස්ලාමාබාද් මහාධිකරණයේ (IHC) අගවිනිසුරු අමීර් ෆාරුක් සහ විනිසුරු තාරික් මෙහ්මුද් ජහන්ගිරි ගෙන් සමන්විත කොට්ඨාශ විනිසුරු මඬුල්ලක් විසින් ඉම්රාන් ඛාන් නිදහස් කිරීම සඳහා තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා

70 හැවිරිදි හිටපු අගමැති ඉම්රාන් ඛාන් පාකිස්ථාන රුපියල් 1,00,000 ක් වටිනා ඇප බැඳුම්කර ඉදිරිපත් කිරීම මත නිදහස් කිරීමටයි විනිසුරු මඬුල්ල නියෝග කරනු ලැබුවේ

ඉම්රාන් ඛාන්ගේ 2018-2022 ධුර කාලය තුළදී ඔහු සහ ඔහුගේ පවුලේ අය විසින් අත්පත් කරගත් රාජ්‍ය තෑගි නීති විරෝධී ලෙස විකිණීමේ චෝදනාව මතයි ඔහුට දඬුවම් නියම වූයේ .

එමෙන්ම ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් වීම වළක්වමින් වසර පහක දේශපාලන කටයුතු ද තහනමකට ලක්වුණා

 

Share This