Usman Khawaja හට ICCයෙන් දඬුවම්

Usman Khawaja හට ICCයෙන් දඬුවම්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Usman Khawaja වෙත චෝදනා එල්ල කර තිබෙනවා.

පාකිස්ථානයට එරෙහිව පර්ත් හිදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී කළු පටියක් පැළඳ ක්‍රීඩා කිරීම මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති උල්ලංඝනය කළ බවට එරෙහිව ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

Usman Khawaja එලෙස කටයුතු කර ඇත්තේ ගාසා තීරය තුළ සිදුවන අපරාධවලට විරෝධය පළ කරමින්.

අවසරයකින් තොරව එවැනි ක්‍රියාවක් සිදුකිරීම හේතුවෙන් ඇඳුම් සහ උපකරණවලට අදාළ නියමයන් කඩ කිරීම යටතේ ඔහුට එරෙහිව දඬුවම් නියම කිරීමට නියමිතව තිබෙනවා.

මීට පෙර ද Usman Khawaja විසින් පෙර පුහුණුවීම්වලදී පලස්තීන ජනතාව සම්බන්ධයෙන් අවධානය යොමුකෙරෙන ප්‍රකාශ ඇතුළත් පාවහන් යුගළක් පැළඳ සිටි අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මැදිහත්වීමෙන් එය ද ඉවත් කෙරුණා.

Share This