VAT ගැන රජයෙන් අලුත් තීරණයක්

VAT ගැන රජයෙන් අලුත් තීරණයක්

නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධනය කර ඇති එකතු කළ අගය මත බදු පනත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධනය කර ඇති එකතු කළ අගය මත බදු පනත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී තිබුණා.

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා ඔක්තෝබර් මස 30 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවූ අතර 2024 වර්ෂයේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි වීමේ සීමාව වර්ෂයකට බදු අයකළ හැකි සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන 80 සිට රුපියල් මිලියන 60 ක් දක්වා අඩුකිරීමට විධිවිධාන පනවා තිබෙනවා.

එමෙන්ම අදාළ සංශෝධන පනත හරහා එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 15 සිට සියයට 18ක් දක්වා වැඩිකිරීමට තීරණය කෙරුණා.

Share This