VAT 18%ක් දක්වා ඉහළට

VAT 18%ක් දක්වා ඉහළට

එකතු කිරීමේ අගය මත බද්ද හෙවත් VAT ප්‍රතිශතය 18%ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට එය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කර ඇති ඉලක්කවලට වඩා රජයේ ආදායම අඛණ්ඩව අඩු මට්ටමක පවතින බැවින් මෙලෙස වැට් ඉහළ දැමීමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව එකතු කළ අගය මත බදු අනුපාතය 18% දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා.

එසේම මෙතෙක් VAT එකතු කර නොමැති භාණ්ඩ හා සේවා සඳහා ද ඉදිරියේ දී VAT එකතු කිරීමට කටයුතු කරනු ඇති.

Share This