“Whispers of Waters Edge” දොරට වැඩුම

“Whispers of Waters Edge” දොරට වැඩුම

“Whispers of Waters Edge: A Story of Nature, Heritage, and Sustainability at the Heart of Kotte” එළිදැක්වීම පසුගියදා වෝටර්ස් එජ් හීදී සිදුවුණා.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ තිරසාර සංචාරක ව්‍යාපාරය සඳහා ගෝලීය ආදර්ශයක් ලෙස ස්ථානගත කිරීම මෙහි අරමුණයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු එල්.බී. කුමුදු ලාල්, වෝටර්ස් එජ් හි චතුර ක්‍රිෂාන්ත පෙරේරා, සාමාන්‍යාධිකාරී අයන්ත අබේසිංහ සහ චක්‍රපානි පියසේන මහතාට එහිදී මෙහි පිටපත් පිරිනැමුණා.

“Whispers of Waters Edge: A Story of Nature, Heritage, and Sustainability at the Heart of Kotte” ආකර්ශනීය ඡායාරූපකරණය සහ තීක්ෂ්ණ බුද්ධිය සහිත පර්යේෂණ හරහා කෝට්ටේ පොහොසත් අනන්‍යතාවය ලෝකයට විදහාපානවා.

ඉෂාන්ද සෙනෙවිරත්නගේ සම්පාදනයක් වන මෙහි සම-කර්තෘවරුන් වන්නේ චතුමි යසාරා, සචිනි මහීපාල, සහ ධනුෂ්ක නවරත්නයි.

 

Share This