
WHO පැපුවා නිව්ගිනියාවේ පෝලියෝ පැතිරීම ප්‍රකාශයට පත් කරයි
ලෝක සෞඛ්‍ය සංවිධානය පැපුවා නිව්ගිනියාවේ පෝලියෝ පැතිරීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා
ඒ අනුව “ක්ෂණික” එන්නත් කිරීමේ ව්‍යාපාරයක් සිදු කරන ලෙසයි දැනුම් දී ඇත්තේ
එමෙන්ම පැපුවා නිව්ගිනියාවේ WHO නියෝජිත සෙවිල් හුසේනෝවා පැවසුවේ රෝගය එරටින් ඔබ්බට පැතිර යා හැකි බවට අනතුරුදායක තත්ත්වයක් පවතින බැවින් 100% එන්නත් ආවරණය ලබා දීමට උපරිම උත්සාහයක් දැරිය යුතු බවයි
මෙම රෝගය ඇතිවන්නේ පෝලියෝ වෛයිරසය නිසා වන අතර එය ආසාදිත පුද්ගලයෙකු කැස්ස සහ කිවිසුම් යන විට පැතිරෙන බව සඳහන්
පෝලියෝ වෛයිරසය බොහෝ දුරට වයස අවුරුදු පහට අඩු දරුවන්ට බලපානු ලබනවා