අ.පො.ස. උසස්පෙළ හෙට පැවැත්වීමට සියල්ල සූදානම් – ආබාධිත අයදුම්කරුවන්ට විභාග කොමසාරිස් ජනරාල් ගෙන් විශේෂ නිවේදනයක්

අ.පො.ස. උසස්පෙළ හෙට පැවැත්වීමට සියල්ල සූදානම් – ආබාධිත අයදුම්කරුවන්ට විභාග කොමසාරිස් ජනරාල් ගෙන් විශේෂ නිවේදනයක්

මෙවරත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට විභාගය සඳහා විශේෂ පහසුකම් සලසා දීමට කටයුතු සූදානම් කර තිබෙන බවත්, ආපදාවක් ඇති වුවොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසන්නේ අපොස උසස් පෙළ විභාගය හෙට (10) ආරම්භ වී දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා පාසල් අයදුම්කරුවන් 246,521 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 පෙනී සිටින බවයි.

හෙට ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා අයදුම්කර ඇති සම්පූර්ණ අයදුම්කරුවන් ගණන 340,525 ක්.

ඒ වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන 2362 ක්‍රියාත්මක අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325 කුත්, ප්‍රාදේශීය එක් රැස්කිරීමේ මධ්‍යස්ථාන තිස් දෙකකුත් ක්‍රියාත්මකයි.

විභාග කොමසාරිස්වරිය ප්‍රකාශයක් කරමින් පවසන්නේ දරුවන් විභාගය සඳහා හොඳ සූදානමකින් පැමිණෙන ලෙස‍යි.

විභාගයට පැමිණෙන දරුවන්ට අවශ්‍ය කරන උපකරණ රැගෙන ඒම සහ අනවශ්‍ය උපකරණ රැගෙන නොයෑම ඇතුළු කාරණා පිළිබඳව දැනුවත් වන ලෙස ද ඇය එහිදී ඉල්ලීමක් කළා.

Share This