අකුරණ නායයෑමෙන් එකම පවුලේ දෙදෙනෙකු මරුට (VIDEO)

අකුරණ නායයෑමෙන් එකම පවුලේ දෙදෙනෙකු මරුට (VIDEO)

මහනුවර අකුරණ ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එකම පවුලේ සහෝදර සහෝදරියන් දෙදෙනෙකු මිය ගියා.

පවතින අධික වර්ෂාවත් සමග එම නිවස ආසන්නයේ පිහිටි පස් කන්ද නායයෑමෙන් සිදුවූ අනතුරෙන් 18 සහ 19 හැවිරිදි වයස්වල පසුවන දෙදෙනෙකු මෙලෙස මිය ගිය බවයි මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථාවේ නිවස තුළ පස්දෙනෙකු සිට ඇති බව සඳහන්.

මිය ගිය අයගේ සහෝදරයා බරපතල තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර මවට සහ පියාට අනතුරෙන් බරපතල තුවාල සිදුව නොමැති බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.

Share This