අගමැතිනිය ගිය “ස්ත්‍රීවාදයේ අනාගතය : කලාව, ක්‍රියාකාරීත්වය සහ දකුණු ආසියානු කාන්තාව ” ප්‍රදර්ශනය

අගමැතිනිය ගිය “ස්ත්‍රීවාදයේ අනාගතය : කලාව, ක්‍රියාකාරීත්වය සහ දකුණු ආසියානු කාන්තාව ” ප්‍රදර්ශනය

ඉතිහාසඥ ආචාර්ය අර්ෂියා ලොඛන්ද්වාලා ( Dr. Arshiya Lokhandwala) විසින් මෙහෙයවන ලද “ස්ත්‍රීවාදයේ අනාගතය: කලාව, ක්‍රියාකාරීත්වය සහ දකුණු ආසියානු කාන්තාව” යන තේමාව මූලික කරගත් දකුණු ආසියාතික ස්ත්‍රීවාදී කලාකරුවන්ගේ නිර්මාණ ඇතුළත් කලා ප්‍රදර්ශනය නැරඹීම සඳහා ඊයේ (26) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එක් වුණා.

මෙම ප්‍රදර්ශනය පැවැත් වෙන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ලෝටස් කලාගාරයේදීයි.

මෙම කලා ප්‍රදර්ශනය හරහා ස්ත්‍රීවාදයේ අනාගතය ,ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවය, සමාජභාවය මත පදනම් වූ පද්ධතිමය හිංසනය යන කාරණා ප්‍රශ්න කරන අතරම ස්ත්‍රී ශක්තිය, ස්වාධීනත්වය සහ සහයෝගීතාවය සැමරීමට ලක් කෙරෙනවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංගලාදේශය හා පකිස්ථානය යන දකුණු ආසියානු රටවල් නියෝජනය කරමින් ස්ත්‍රීවාදී කලාකාරිනියන් එකොළොස් දෙනෙකුගේ නිර්මාණ මෙහි දී ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

ඔවුන් සිය රටවල් තුළ ස්ත්‍රීන් මුහුණ දෙන අර්බුද මෙම කලා නිර්මාණ තුළින් ඉදිරිපත් කොට තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රදර්ශනය ලොව රටවල් කිහිපයකම ප්‍රදර්ශනය කිරීම සිදුවන අතර මීට පෙර නේපාලයේ, කත්මණ්ඩු නුවර දී මෙය පවත්වා තිබුණා.

ශ්‍රී ලංකාවේ දී මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 26 වන දින සිට ඔක්තෝබර් 08 වැනි දා දක්වා කොළඹ ජාතික කෞතුකාගාරයේ ලෝටස් කලාගාරයේ දී පැවැත්වෙනු ඇති.

 

Share This