අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි – නවක කළමනාකරණ සේවා නිලධාරීන් ගෙන් කළ ඉල්ලීම

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි – නවක කළමනාකරණ සේවා නිලධාරීන් ගෙන් කළ ඉල්ලීම

ජනතාවට සේවය නිසිපරිදි සපයන ස්වාධින හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීම රජයේ අරමුණ බවත්, ජනතාව වෙනුවෙන් කැපවුණ, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුලින් රට සංවර්ධනය කිරීමේ කාර්යභාරයට එකතු⁣වන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවා.

කළමනාකරණ සේවයේ III වන ශේණියට බඳවා ගැනීම සඳහා පැවති විවෘත තරඟ විභාගයෙන් සමත්ව සම්මුඛපරීක්ෂණයෙන් තෝරාගත් නිලධාරීන් 1890 දෙනෙකුට පත්වීම් ලබා දීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (29) පැවති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසුවා,

” ඔබ ඇතුලත් වෙන්නේ සාම්ප්‍රදායික රාජ්‍ය සේවයක් වෙනුවෙන් නොවන බව මතක් කරන්න කැමතියි. මෙතෙක් කලක් පැවති අකාර්යක්ෂම හා දේශපාලන ගැති රාජ්‍ය සේවයකට නෙමෙයි ඔබ ඇතුලත් වෙන්නේ. ජනතාව වෙනුවෙන් පෙනී සිටින, ස්වාධීන රාජ්‍ය සේවයකටයි. ඔබ දන්නවා 2020 නොවැම්බර් මාසේ විභාගය පැවැත්වීමට තිබුණත් රාජ්‍ය සේවයේ විවෘත බඳවා ගැනීම් සීමා කිරීම නිසා මෙම තරග විභාගය අවුරුදු 04 කට පසුවයි පවත්වන්න සිද්ධ වුණේ. රාජ්‍ය සේවය තුළ කළමනාකරණ සේවා නිලධාරීන් පන්දහසක පුරප්පාඩු තිබෙනවා. මේ විභාගය තිබ්බෙත්, කළමනාකරණ සේවා නිළධාරි සේවයේ පුරප්පාඩු 2,223 ක් පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණය අරගෙන. ඒ අනුව අද නවක නිලධාරීන් 1890 ක් පමණ රාජ්‍ය සේවයට එකතු වෙනවා. ඒ වගේම ඉතිරි නිලධාරීන් බඳවා ගැනීමටත් මේ වනවිට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ”

 

Share This