
අග්‍රාමාත්‍යවරිය හමුවූ ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම
ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේ දී පවත්වා තිබෙනවා
මෙහිදී අග්‍රාමාත්‍යවරිය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර, මේ දිනවල පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සූදානම පිළිබඳව එහිදී විමසා සිටියා
එමෙන්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් හා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි දියුණුව වෙනුවෙන් රජය හරහා ඉටුවිය යුතු කාර්‍යභාරයන් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විසින් ක්‍රීඩිකාවන්ගේ අදහස් විමසා තිබෙනවා
පාසල් සහ විශ්ව විද්‍යාල තුළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පවතින නැඹුරුව, පහසුකම් සහ එහි වත්මන් තත්ත්වයන් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විසින් විමසා සිටි අතර ක්‍රීඩා ප්‍රවර්ධනය උදෙසා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය හරහා උපරිම සහයෝගය ලබා දීමට ද එහිදී පොරොන්දු වී තිබෙනවා
ඉදිරි වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ද ක්‍රීඩාවට වැඩි ඉඩක් වෙන්කොට ඇති බව අග්‍රාමාත්‍යවරිය විසින් මෙහි දී ප්‍රකාශ කළා.
පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය උදෙසා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව ද අගමැතිනියගේ විශේෂ අවධානය යොමු වූ අතර, ක්‍රීඩාවට මුළු රටම එක් කිරීමේ හැකියාව ඇති බව පවසමින් සෑම පළාතකම එක හා සමාන පහසුකම් සහිතව සෑම ක්‍රීඩාවක්ම දියුණු කිරිමේ වැදගත්කම ද එහිදී අවධාරණය කර තිබෙනවා
