අගෝස්තු මස 09 ලෝක ආදිවාසී දිනය සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

අගෝස්තු මස 09 ලෝක ආදිවාසී දිනය සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

අගෝස්තු මස 09 වන දිනට යෙදී තිබෙන ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරෙන සැමරුම් උත්සවය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 09 වන දා දඹාන ආදිවාසී ගම්මානයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසනවා.

මෙම සැමරුම් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත් වුණා.

ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම විශේෂ සාකච්ඡාව සඳහා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Share This