අඩි උස පාවහන් පැළඳ මීටර් 100ක් දිවූ ස්පාඤ්ඤ ජාතිකයා

අඩි උස පාවහන් පැළඳ මීටර් 100ක් දිවූ ස්පාඤ්ඤ ජාතිකයා

ස්පාඤ්ඤ ජාතිකයෙක් අඩි උස පාවහන් පැළඳ මීටර් 100ක් දුවමින් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

අඩි උස පාවහන් පැළඳ දිවීම අභියෝගාත්මක වන්නේ ඒවා පාදවලට, ඉණට සහ කොන්දට බරපතළ ලෙස හානි කළ හැකි බැවිනි.

ගිනස් ලෝක වාර්තාවට අනුව මීට පෙරත් ලෝක වාර්තා තබා ඇති 34 හැවිරිදි ක්‍රිස්ටියන් රොබර්ටෝ ලෝපෙස් රොඩ්‍රිගස් තවත් ලෝක වාර්තාවක් තබා ඇති අතර, මෙවර අඩි උස පාවහන් පැළඳ මීටර් 100ක් දුවමින් නවතම වාර්තාව තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ක්‍රිස්ටියන් තත්පර 12.82ක කාලයක් වාර්තා කළ අතර එය උසේන් බෝල්ට්ගේ මීටර් 100 ධාවන ඉසව්වේ ලෝක වාර්තාවට වඩා තත්පර 3.24ක් අඩු වේගයක් වනවා.

මෙම වාර්තාව මීට පෙර හිමිව තිබුණේ ජර්මනියේ ඕර්ටෝල්ෆ් හටයි. ඒ 2019 දී තත්පර 14.02කින් වාර්තාවක් තැබීමෙන්.

Share This