
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසිය විසින් වෙඩිතබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ, මාතර වැල්ලමඩම ප්රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන ලෙස සංඥා කළ ද එම අණ නොතකා මෝටර් රථය ධාවන කළැ බවයි.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථයට වෙඩි ප්රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා.
නොනවත්වා ධාවනය කර ඇති මෝටර් රථය පසුව මාතර ජනරාජ මාවතේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලීසිය පැවසුවා.
මෝටර් රථයේ පුද්ගලයින් දෙදෙනෙකු එම අවස්ථාවේ ගමන් කර ඇති අතර පසුව ඔවුන් පලාගොස් ඇතැයි පොලීසිය සදහන් කළා.
මෝටර් රථයේ හිමිකරු හඳුනාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.