
අති උතුම් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි
අති උතුම් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානුව නිවේදනය කරනවා.
88 හැවිරිදි වියෙහි පසු වූ උන්වහන්සේ ශ්වසන මාර්ගය ආශ්රිත රෝගී තත්වයක් හේතුවෙන් පසුගිය දිනවල රෝහල්ගතව ප්රතිකාර කරනු ලැබුවා.
එමෙන්ම වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්රයේ ඊයේ පැවති ප්රධාන පාස්කු දේව මෙහෙයටද එක්ව සිටියා.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප වහන්සේ වසර 12ක කාලයක් පාප් පදවිය තුල කටයුතු කළා.