අතුරු කමිටුව ඉවත් කරන්න ජනපති දැනුම්දුන්නා – මම කිව්වා කමිටුව ඉවත්කරන්නේ නෑ කියලා -ක්‍රීඩා ඇමති-

අතුරු කමිටුව ඉවත් කරන්න ජනපති දැනුම්දුන්නා – මම කිව්වා කමිටුව ඉවත්කරන්නේ නෑ කියලා -ක්‍රීඩා ඇමති-

තමා විසින් පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව ඉවත්කරන ලෙස අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් තමන්ට දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

අද (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් හෙට දිනයේ පාර්ලිමේන්තුවට සිදුකරන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ දී අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙලෙස වැඩිදුරටත් ප්‍රකාශ කළා.

“කැබිනට් මණ්ඩලය ඇතුළේ වෙච්ච සිදුවීම් මට කියන්න බෑ. සාමූහික වගකීම මම ආරක්ෂා කරන්න ඕන. නමුත් ජනාධිපතිතුමා පස්සේ කාර්යාලයට කතා කරලා කිව්වේ කමිටුව පත්කරපු එක අයින් කරන්න. එහෙම නැතිනම් ක්‍රීඩා නීතිය එතුමා යටතට ගන්නවා කිව්වා. මම කිව්වා ජනාධිපතිතුමා ක්‍රීඩා නීතිය නෙමෙයි, ඔබතුමා මාව අස්කරලා කැමති තීන්දුවක් ගන්න කියලා. මම කිව්වා කිසිසේත්ම පත්කරපු කමිටුව ඉවත්කරන්නේ නෑ කියලා”

Share This