
අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් අයෙක් මරුට
අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් අයෙකු මියගොස් තිබෙනවා.
අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර එහිදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත් වුණා.
අදාළ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
ඒ අතර ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක වන කේ සූජීවා ද වනවා.
අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදී වෙඩිතැබීම සිදුව තිබුණා.