අද ඇරඹුණු ඉන්දීය මහ මැතිවරණයේ සිව්වන අදියර

අද ඇරඹුණු ඉන්දීය මහ මැතිවරණයේ සිව්වන අදියර

අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ සිව්වන අදියර අද (13) ආරම්භ වනවා.

මෙම අදියරේදී ඉන්දීය ලොක් සභාවට නියෝජිතයන් 96 දෙනෙකු තෝරා ගැනීම සිදුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සමස්ත මැතිවරණයෙන් ලොක් සභාවේ නියෝජිතයන් 543 දෙනකු තෝරා ගැනීම සිදු කෙරෙන අතර ඉන්දීය මහ මැතිවරණය සැලකෙන්නේ ලොව විශාලතම ප්‍රාජතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙසයි.

මැතිවරණ කටයුතු ලබන ජූනි පළමු වැනිදා අවසන් වීමට නියමිත අතර මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි හතර වැනිදා සිදු කිරීමට නියමිතයි

Share This