අද ඇරඹෙන ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග

අද ඇරඹෙන ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරග අද(15) සිට ආරම්භ වනවා.

ඒ අනුව පළමු තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර Wankhede හිදී පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම තරගාවලියේ සියලු තරග ජය ගනිමින් අපරාජිත කණ්ඩායමක් ලෙස අවසන් පූර්ව තරගය සඳහා හොඳ සූදානමකින් පසුවන බව සඳහන්.

එමෙන්ම නවසීලන්තය සහභාගී වූ තරග 9න් 5ක් ජයගනිමිනුයි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ.

මේ අතර දෙවන අවසන් පූර්ව තරගය හෙට (16) ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර Eden Gardens හිදී පැවැත්වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව තරග 7 බැගින් සම සමව තරගාවලිය තුළ දී ජයගෙන තිබෙනවා.

Share This