අද දිස්වන පූර්ණ චන්ද්‍රයා මේ වසරේ අවසාන සුපිරි චන්ද්‍රයායි

අද දිස්වන පූර්ණ චන්ද්‍රයා මේ වසරේ අවසාන සුපිරි චන්ද්‍රයායි

අද(29) දිස්වන පූර්ණ චන්ද්‍රයා මේ වසරේ සිව්වන සහ අවසාන සුපිරි චන්ද්‍රයා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සැප්තැම්බර් මාසයේ පූර්ණ චන්ද්‍රයා අද උදෑසන ආලෝකමත් වූ අතර චන්ද්‍රයා සෙනසුරාදා උදෑසන වන විට සම්පූර්ණයෙන්ම ආලෝකමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව නාසා ආයතනය පවසනවා.

නසා ආයතනයට අනුව සුපිරි සඳක අර්ථ දැක්වීම් වෙනස් විය හැකියි.

සාමාන්‍ය පිළිගැනීම වන්නේ සුපිරි සඳක් හෙවත් Super Moon යනු පෘථිවියට සමීප වන පූර්ණ චන්ද්‍රයෙකු වන අතර එය අනෙක් චන්ද්‍රයන්ට වඩා රාත්‍රී අහසේ විශාල හා දීප්තිමත් ලෙස දිස් වීමයි.

චන්ද්‍රයා පෘථිවියේ සිට සැතපුම් 224,854 දුරින් හා එහි සාමාන්‍ය දුර ප්‍රමාණයට වඩා සැතපුම් 14,046 පමණ සමීප වනවා.

මීට පෙර සුපිරි චන්ද්‍රයා දිස් වූයේ අගෝස්තු 30 වනදායි. ඒ චන්ද්‍රයා පෘථිවියේ සිට සැතපුම් 221,954 දුරින්.

සැප්තැම්බර් මාසයේ අද පායන පූර්ණ චන්ද්‍රයා සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට වඩා 5%ක් විශාල සහ 13%ක් දීප්තියෙන් දිස්වනු ඇති බවයි NASA ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This