අද ලෝක අමද්‍යප දිනයයි

අද ලෝක අමද්‍යප දිනයයි

ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබෙනවා.

ඒ හේතුවෙන් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා.

මද්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට ශ්‍රී ලාංකිකයක් 50කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මිය යන අතර ඒ අනුව වසරකට ලාංකිකයින් 15000ත් 20000ත් අතර ප්‍රමාණයක් මේ නිසා මරණයට පත්වන බවයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පැවසුවේ

මේ අතර මධ්‍යසාර හේතුවෙන් වසරකට ලොව පුරා පුද්ගලයින් මිලියන 03කට ආසන්න සංඛ්‍යාවක් ආකාලයේ මරණයට පත්වන බව අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම ලොව පුරා සිදුවන වළක්වා ගත හැකි මරණවලින් 10න් 8කටම හේතුවක් වන්නේ බෝ නොවන රෝග (NCD) වන අතර බෝ නොවන රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධක 4න් 1ක් ලෙස මද්‍යසාර භාවිතය පෙන්වා දිය හැකියි.

කෙසේ වෙතත් සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සඳහා විවෘතව තැබෙන බවද එම දෙපර්තමනේතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා

Share This