අද විභාගයට ලියන අපේක්ෂක – අපේක්ෂිකාවන්ට විභාග කොමසාරිස් ජනරාල්වරිය ගෙන් විශේෂ නිවේදනයක්

අද විභාගයට ලියන අපේක්ෂක – අපේක්ෂිකාවන්ට විභාග කොමසාරිස් ජනරාල්වරිය ගෙන් විශේෂ නිවේදනයක්

මහනුවර – කොළඹ මාරගයේ පහළ කඩුගන්නාවේ සිදුවූ නායයාම හේතුවෙන් එම මාර්ගයේ කොටසක් වසා දැමීම නිසා අද (24) අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා විභාග අපේක්ෂකයින් දුම්‍රිය මාර්ගය සහ වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරිය දැනුම් දෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ මෙම අවහිරතාවන්ට මුහුණ දී ඇති විභාග අපේක්ෂකයින්ට එම විකල්ප මාර්ග හරහා විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ලංකා ගමනා ගමන මණ්ඩලය සම්බන්ධීකරණයෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.

තවද, හදිසි ජල ගැලීම් වැනි ආපදා අවස්ථාවන් හිදී විභාග අපේක්ෂකයින් හට සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය දැනුම් දෙනවා.

විබාග පැවැත්වෙන දිනයන් හිදී ඉහත දැක්වෙන පරිදි විකල්ප ප්‍රවාහන ක්‍රම සඳහා ප්‍රවේශවීමට නොහැකි යම් අපේක්ෂකයකු වේ නම් ළඟම පිහිටි කලාප අධ්‍යාපන කාර්‍යාලය හෝ පහත සඳහන් දුරකතන අංක අමතන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් දැනුම් දෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හදිසි ඇමතුම් අංකය : 117
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය : 1911

Share This