අද සහ හෙට ජංගම පොල් බෙදා හැරීම නවතයි

අද සහ හෙට ජංගම පොල් බෙදා හැරීම නවතයි

පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ජංගම ලොරි රථවලින් ගොස් පාරිභෝගික ජනතාවට පොල් සහන මිලට අලෙවි කිරීමේ වැඩසටහන අද (26) සහ හෙට (27) දින ක්‍රියාත්මක නොවන බව එම මණ්ඩලය සඳහන් කරනවා.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ ආදර්ශ පොල් උයන් හා තවාන් සංවර්ධන කළමණාකරු වජිර තෙන්නකෝන් මහතා මේ පිළිබඳ නිවේදනය කළ බව සඳහන්.

එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඊයේ (25) දිනයේ මහරගම නගරයේ ජනතාව වෙනුවෙන් පොල් ගෙඩි 5000ක් අලෙවි කළ බවත් එක් පොල් ගෙඩියක් රුපියල් 110ක මිලට ලබාදුන් බවයි.

Share This