අද සිට අලෙවි වන නිදහස් සමරු කාසිය

අද සිට අලෙවි වන නිදහස් සමරු කාසිය

75 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු කාසිය අද (09) සිට අලෙවි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

මුහුණත වටිනාකම රුපියල් 1000 ක් ලෙස දැක්වෙන එම කාසිය රුපියල් 6000 ක මුදලකට අලෙවි වන බවයි මහ බැංකුව සඳහන් කළේ.

ඒ අනුව මහ බැංකු අලෙවි ස්ථාන හරහා කාසිය අලෙවි කෙරෙන අතර ප්‍රමුඛතාවය පදනම් කර ගනිමින් පුද්ගල හැඳුනුම්පතේ තොරතුරු මත එක් අයෙකුට එක් කාසියක් බැගින් අලෙවි කෙරෙනු ඇති.

කෙසේවෙතත් මෙම කාසිය සංසරණය සඳහා යෙදවීමක් සිදු නොකරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

මෙය මහ බැංකුව විසින් නිකුත් කළ 71 වන සමරු කාසිය වනවා.

මෙම සමරු කාසිය පසුගිය පෙබරවාරි මස 2 වනදා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබුණා.

Share This