අද සිට යළිත් විදුලි අර්බුදයක් ?

අද සිට යළිත් විදුලි අර්බුදයක් ?

විදුලි අර්බුදය අද  (7) සිට තවත් දරුණු අතට පත්වනු ඇතැයි විදුලි ඉංජිනේරුවෝ සඳහන් කරනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

විදුලි බලාගාර කිහිපයකට අවශ්‍ය ඉන්ධන ලබාදීම දිනෙන් දින අර්බුදයකට යන බවත් දෛනික විදුලි ඉල්ලුම අද(07) සිට ඉහළ යෑමත් විදුලි පද්ධතිය සතු විදුලි ප්‍රමාණයන් පිළිබඳ විස්තර අධ්‍යයනයෙන් පසු  විදුලිය  කපනවාද  නැද්ද  කියා තීන්දු වන  බවත් ඔවුහු කියා සිටිනවා.

පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ ඉල්ලුම සපුරාගත නොහැකි වුවහොත් විදුලිය අඛණ්ඩව ලබාදීම අභියෝගයක් වන බවයි.

එමෙන්ම විදුලිය  කපා හැරීමට අදාළ ඉල්ලීමක් ඊයේ (6 ) නොලැබුණ බවත් අද (7) එවැනි ඉල්ලීමක් කළහොත් පවතින තත්ත්වය මත ඒ පිළිබඳව තීරණයක් ප්‍රකාශ කරන බවයි.

Share This