
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අදහස් හා යෝජනා වලට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරයන්ට අවස්ථාව
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට, අධ්‍යාප උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව පාර්ලිමේන්තුවේ සියලුම ගරු මන්ත්‍රීවරයන්ට විවෘත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.
එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අමාත්‍යාංශය මගින් සකස් කරනු ලබන වාර්තාව කාරක සභාවේ සාකච්ඡාවට ලක් කිරීමෙන් පසු මහජනතාවටද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන බව අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදිය යුතු බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කරනු ලැබුවා.
ඒ පිළිබඳව පිළිතුරු ලබාදෙමින් ගරු අග්‍රාමාත්‍යතුමිය විශේෂ මහජන දැනුවත් කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇති බවද සඳහන් කළා.
පළාත් 8ක අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම් මේ වනවිට සම්පූර්ණ කර ඇති අතර ඉතිරිව පවතින ඌව පළාත සඳහා ද දැනුවත් කිරීම කඩිනමින් සිදුකිරීමට සැළසුම් කර තිබෙන බව අග්‍රාමාත්‍යතුමිය වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවා.
මෙම රැස්වීමේදී නව විෂයමාලා හඳුන්වාදීමත් සමඟ ගුරුවරුන්ට ලබාදිය යුතු පුහුණු වැඩසටහන් හා පාසල්වලට සිදුකළ යුතු ගුරු අනුයුක්ත කිරීම් පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.