අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ 33 දෙනෙකු මරුට

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ 33 දෙනෙකු මරුට

ඉන්දියාවේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මැතිවරණ නිලධාරීන් ඇතුළු පුද්ලයින් 33 දෙනෙකු මිය ගොස් තිබෙනවා

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ බිහාර්, උත්තර් ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල රාජකාරියේ යෙදී සිටි මැතිවරණ නිලධාරීන් ද මිය ගිය පිරිස අතර සිටින බවයි

දිල්ලි අගනුවර මේ සතියේ ඉහළම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 52.9 ක් ලෙස වාර්තා වී තිබුණා

එමෙන්ම පසුගිය බ්‍රහස්පතින්දා බිහාර් හි පුද්ගලයින් 14 දෙනෙකු මිය ගිය අතර, දැනට ක්‍රියාත්මක වන අදියර හතකින් යුත් ජාතික මැතිවරණ සංවිධානය කිරීමට සම්බන්ධ පුද්ගලයින් 10 දෙනෙකු එම මිය ගිය පිරිස අතර සිටින බවයි වාර්තා වුණේ

Share This