
අධිකරණවල සිදුවූ අකටයුතුකම් ගැන විමර්ශන අරඹයි?
විවිධ ආකාරයේ සිදුවූ අධිකරණ අකටයුතුකම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු නිල නිවසට විදුලිය සහා ජලය මිලදී ගැනීම, අලුත්කඩේ කෝටි 20ක විස්කි ඇතුළු නඩු භාණ්ඩ අතුරුදන් වීම ඇතුළු අධිකරණවල සිදුවූ අකටයුතුකම් සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විශේෂ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්.
මෙම සිදුවීම් සම්බන්ධයන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ තොරතුරු අනාවරණය කළා.
අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට මීට මාසයකට පමණ පෙර සිදුකළ දැනුම්දීමකට අනුව අදාළ විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.