අන්තර්ජාලයෙන් ඇණවුම් කරන භාණ්ඩ ගැන ප්‍රශ්නයක් -1000කට වැඩි පිරිසක් දිනපතා කරන දේ හෙළිවේ

අන්තර්ජාලයෙන් ඇණවුම් කරන භාණ්ඩ ගැන ප්‍රශ්නයක් -1000කට වැඩි පිරිසක් දිනපතා කරන දේ හෙළිවේ

අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කරන භාණ්ඩ පිළිබඳව පැමිණිලි රාශියක් පාරිභෝගික අධිකාරියට ලැබෙමින් පවතින බව එම අධිකාරිය සඳහන් කරනවා

ඒ අනුව අන්තර්ජාලය හරහා ඇණවුම් කරන භාණ්ඩවල ගුණාත්මකභාවය පිළිබඳව හා ප්‍රවාහන ගාස්තු (delivery charges) පිළිබඳ පැමිණිලි වැඩිපුර ලැබෙන බවත් මේ දිනවල ලැබෙන දෛනික පැමිණිලි සංඛ්‍යාව 1000 ඉක්මවන බවත් එම අධිකාරිය පවසා තිබෙනවා

ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන භාණ්ඩවල මිල නියාමනය අධ්‍යයනයක් ආරම්භ කර ඇති අතර එම අධිකාරිය ඉල්ලා සිටියේ අයථා ලෙස අය කරන ඩිලිවරි ගාස්තු වැළැක්වීමට අදාළ ආයතන ක්‍රියා කළ යුතු බවයි.

පාරිභෝගික අධිකාරිය ජනතාවට දැනුම් දී තිබෙන්නේ පවතින පාරිභෝගික ගැටලු 1977 යන කෙටි දුරකථන අංකයට දැනුම්දෙන ලෙසයි.

දිනපතා පුවත්පතක පළකර තිබු මෙම පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

Share This