අනුමත වූ IMF දෙවන වාරිකය

අනුමත වූ IMF දෙවන වාරිකය

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පළමු සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ විධායක මණ්ඩලය සමාලෝචනය අනුමත කිරීමෙන් පසුව දෙවන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි එම අරමුදලේ නියෝජිතන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කකර ඇත්තේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා ‌මුදාහැර ඇති සම්පූර්ණ මූල්‍යාධාර වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 660ක් වනු ඇති.

Share This